YouTube සල්ලි රහස

YouTube යනු බිලියන 2.6කට වැඩි මාසික සක්‍රීය පරිශීලකයින් සිටින ලොව ජනප්‍රියම වීඩියෝ බෙදාගැනීමේ යෙදුමයි.

මෙම ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුම Google Search Engine එකට පසු දෙවන ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය ද වේ. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව , YouTube හට සෑම විනාඩියකටම අලුතින් වීඩියෝ පැය 500කට වඩා Video ලැබෙන අතර, YouTube හී දිනකට පැය බිලියනයකට වැඩි වීඩියෝ එහි සමාජිකයින් නරඹයි.

වසර 17 කට පෙර පළමු යූ ටියුබ් වීඩියෝව පළ කිරීමෙ සිට YouTube මෙි වන විට බොහෝ දුර පැමිණ ඇත. අලුත්ම Music Videos, Tutorials, Cooking Videos, Funny Videos, Vlogs, Educational Videos, Gaming Videos ඇතුලු තව බොහෝ දේවල් YouTube තුල පවතිනවා. නමුත් ඇත්තටම මෙි YouTube පටන් ගත්තේ කො‌හොමද කියල දන්නවද?

YouTube ආරම්භය...

යූ ටියුබ් 2005 අවුරුද්දෙ වැලන්ටයින් දිනයේදී ස්ටීව් චෙන්, චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් විසින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. හිටපු PayPal සේවකයින් තුන් දෙනෙක් වන මෙයාලට ඒකාලෙ ටිකක් ජනප්‍රිය වීඩියෝ බෙදාගැනීමේ වෙබ් අඩවියක් උන Flickr හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෙනව ඔවුන් තිදෙනා බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ නව වෙබ් අඩවිය සාමාන්‍ය මිනිසුන්ට Video නිර්මාණය කිරීමට, බෙදා ගැනීමට සහ නැරඹීමට ඉඩ සැලසෙන පොදු වෙිදිකාවක් නිර්මාණය කිරීමයි.

YouTube නිර්මාතෘවරුන් 2004 දී රාත්‍රී භෝජන සංග්‍රහයක දී තමයි මෙම අදහස ඉස්සෙල්ලම කතා කරල තියෙන්නෙ. ඔවුන්ට අන්තර්ජාලය හරහා වීඩියෝ බෙදා ගැනීමට ඉඩ සලසන platform සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් කලකිරීමට පත් වෙලා හිටිය මෙි තුන්දෙනා එකතු වෙලා කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් හි හර්ලිගේ ගරාජයෙන් YouTube ආරම්භ කළා. මෙම වෙබ් අඩවිය 2005 මැයි මාසයේදී අන්තර්ජාල වෙබ් අඩවියක් ලෙස මහජනතාවට විවෘත කරන ලද අතර එහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ වීඩියෝ නොමිලේ Upload කිරීමට සහ බෙදා ගැනීමට හැකියාව ලැබුණා.

පළමු YouTube වීඩියෝව බලමුද?

පළමු වීඩියෝව YouTube සම-නිර්මාතෘ ජාවෙඩ් කරීම් විසින් 2005 අප්‍රේල් 23 වන දින පළ කරන ලදී. තත්පර  19 ක එම ක්ලිප් එක නම් කර තිබුණේ "Me at the zoo" යනුවෙනි. එහිදී කරීම් සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ අලි කිහිප දෙනෙකු අසල සිටගෙන සිටියේය. මෙම වීඩියෝ ක්ලිප් එක මිලියන 342 කට අධික නැරඹීම් සහ මිලියන 17 කට වඩා වැඩි Likes ඇත.

YouTube මුදල් උපයන ආකාරය

නවතම YouTube දත්ත වලට අනුව , YouTube වාර්ෂිකව ඩොලර් බිලියන 28.8ක් පමණ උපයයි. Google සමාගම සතු අනෙකුත් ව්‍යාපාර මෙන්ම YouTube සමාගම එහි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වෙළඳ ප්‍රචාරණයෙන් උපයා ගනී. YouTube ප්‍රචාරණ ආදායම විවිධ වෙළඳ දැන්වීම් වලින් පැමිණේ.
අනුග්‍රහය දක්වන දැන්වීම් YouTube පරිශීලකයෙකු දැන්වීම ක්ලික් කරන/නරඹන සෑම අවස්ථාවකම අනුග්‍රහය දක්වන දැන්වීම්වල හිමිකරුවන් YouTube වෙත යම් මුදලක් ගෙවයි. යූ ටියුබ් එහි Premium Plan සහ  YouTube Music ආකෘතියෙන් ද  මුදල් උපයයි.

YouTube සම්මාන

සාමාන්‍යයෙන් යූ ටියුබ් ප්ලේ බොත්තම් (YouTube Play Button) ලෙස හඳුන්වනු ලබන්නේ එහි ජනප්‍රියම නාලිකා හඳුනාගැනීම අරමුණින් යූ ටියුබ් වෙතින් පිරිනැමෙන සම්මාන මාලාවකි . ඒවා නාලිකාවක ග්‍රාහකයින් ගණන මත පදනම් වන නමුත් YouTube හි තනි අභිමතය පරිදි පිරිනමනු ලැබේ. නාලිකාව YouTube මාර්ගෝපදේශ අනුගමනය කරන බව සහතික කිරීම සඳහා සම්මානයක් නිකුත් කිරීමට පෙර සෑම නාලිකාවක්ම සමාලෝචනය කෙරේ. දැනට නිත්‍ය නිර්මාපක සම්මාන ස්ථර තුනක් ඇත.

Silver Play Button

ග්‍රාහකයින් 100,000කට ළඟා වන හෝ ඉක්මවන නාලිකා වෙත ප්‍රදානය කෙරේ.

Gold Play Button

ග්‍රාහකයින් 1,000,000 වෙත ළඟා වන හෝ ඉක්මවන නාලිකා වෙත ප්‍රදානය කෙරේ.

Diamond Play Button

මිලියන 10ක් ග්‍රාහකයින් වෙත ළඟා වන හෝ ඉක්මවන නාලිකා වෙත ප්‍රදානය කෙරේ.

YouTube වලින් ගොඩ ගිය දක්ෂයෝ

Manoj Dey

මනෝජ් ඩේ යනු ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය අභිප්‍රේරකයෙකු, බ්ලොග්කරුවෙකු සහ යූ ටියුබ්කරුවෙකු වන පුද්ගලයෙකි. ඔහුගේ YouTube ගිණුමේ Vlog , තාක්ෂණය සහ YouTube Tips වීඩියෝ ඇතුළත් වේ. මනෝජ් ඩේ ට මේ වන විට සක්‍රිය යූ ටියුබ් නාලිකා දෙකක් ඇති අතර, ඉන් පළමුවැන්න Subscribers මිලියන 6.6කට අධික වන අතර Manoj Dey නම් කර ඇත. දෙවන නාලිකාව Manoj Dey Vlogs(මනෝජ් ඩේ ව්ලොග්ස්) වන අතර එහි Subscribers මිලියන 1.3 ඉක්මවයි.


මනෝජ් ඩේ 1996 ජූලි 12 වන දින ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ජාරියා ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුලක උපත ලැබීය. ඔහුගේ මව ගෙදර වැඩ කරන අතර ඔහුගේ පියා බයිසිකල් සකස් කරන්නෙක් ලෙස ස්වයං රැකියාවක කලා. මුදල් හිඟකම හේතුවෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ආසන්නයේ පිහිටි රජයේ පාසලකින් වන අතර පසුව ඔහු ITI Dhanbad වෙතින් ද්විතීයික අධ්‍යාපනය ලබා ගත්තේය.

අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහුගේ පියාට අවශ්‍ය වූයේ ඔහු රජයේ අංශයේ රැකියාවක් කිරීමටය, නමුත් මනෝජ් ට වෙනත් සැලසුම් තිබුණි. මනෝජ් ඩේ තම පියාට සහයෝගය දැක්වීම සඳහා ITI උපාධිය ලබා ගැනීමෙන් පසු ටෙලිකොම් ව්‍යාපාරයකට සම්බන්ධ විය. යූ ටියුබ් ගැන ඉගෙන ගැනීමෙන් පසු මනෝජ් ඩේ ඔහුගේම යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කර එහි දිගටම වැඩ කර අවසානයේ දුප්පත්කමෙන් මිදුණි.

මනෝජ් ඩේ සිය යූ ටියුබ් වෘත්තිය ආරම්භ කළේ යල් පැන ගිය ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරමිනි. ඔහුගේ වීඩියෝව මුලින්ම ජනප්‍රිය වූයේ ටෙක්නිකල් මනෝජ් නම් නාලිකාවක ඔහු එම දුරකථනය භාවිතා කර යූ ටියුබ් හි වීඩියෝ දෙක තුනක් නිර්මාණය කිරීමෙන් පසුවය. ටෙක්නිකල් මනෝජ්ගේ යූ ටියුබ් නාලිකාවේ, දින කිහිපයකට පසු මුදල් ඉපැයීම සක්‍රීය කරගන්නා ලද අතර, ආදායම් ගලා ඒමට පටන් ගත්තේය. කෙසේ වෙතත්, AdSense Disable වීම නිසා මනෝජ් ඩේට හදිසියේම එම අවස්ථාව අහිමි විය. එසේ වුවද මනෝජ් ඩේ තමන්ගෙ උත්සාහය අතාරින්නෙ නැහැ.

මනෝජ් ඩේ පසුව 2016 නොවැම්බර් 24 වන දින Manoj Dey ලෙස නම් කරන ලද ඔහුගේ දෙවන යූ ටියුබ් නාලිකාව ආරම්භ කළ අතර මාස දහයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු අවසානයේ ඔහුට නැවත YouTube තුලින මුදල් ඉපයීම ආරම්භ කිරීමට හැකි විය. ඔහු නිරන්තරයෙන් Video Upload කිරීම නිසා වීඩියෝ ක්‍රමයෙන් ජනප්‍රිය වීමට පටන් ගත්තේය.


මනෝජ් ඩේ වසර එකහමාරක් තුළ යූ ටියුබ් අනුගාමිකයින් 50,000 කරා ළඟා වූ පසු Manoj Dey Vlogs  ඔහුගේ Vlog නාලිකාව දියත් කළේය. මනෝජ් ඩේට දැන් යූ ටියුබ් නාලිකා දෙකක් ඇත, ඉන් පළමුවැන්න සරලව "Manoj Dey" ලෙස නම් කර ඇති අතර ඔහු අන්තර්ජාලය හරහා මුදල් උපයන ආකාරය සහ වෙනත් තාක්‍ෂණික මාතෘකා පිළිබඳ උපදෙස් බෙදා ගනී. ඊට වෙනස්ව, ඔහු ජීවන රටාවට අදාළ Vlogs ඔහුගේ දෙවන YouTube නාලිකාව වන "Manoj Dey Vlogs" වෙත upload කරයි.

Manoj Dey

මනෝජ් ඩේගේ සමස්ත ශුද්ධ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කෝටි 30 ත්  50 ත් අතර වේ. මනෝජ් ඩේ එක මාසයකදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 20 ත් 30ත් අතර මුදලක් උපයයි. මනෝජ් ඩේ YouTube, වෙළඳ දැන්වීම් සහ ව්‍යාපාර ප්‍රවර්ධනයෙන් වසරකට ඩොලර් දහස් ගණනක් ලබා ගනී. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම ග්‍රාහකයින් ලෙස ලබා ගැනීමෙන් පසු, ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත් වූයේද යත්, ඔහු 2022 දී ධන්බාද් දිස්ත්‍රික් රජය විසින් ධන්බාද් නගරයේ සන්නාම තානාපති ලෙස නිල වශයෙන් ඹහුව පත් කරන ලදී.

ඔහු සතුව Royal Enfield Classis 350cc මෝටර් රථයක් ඔහු සතු වන අතර මීට අමතරව, ඔහුට Yamaha RJ5, Splendor TVS Apache සහ Activa ඇතුළු අමතර බයිසිකල් තුනක් තිබේ. බයික් වලට අමතරව අමතර වාහන තුනක්ද ඔහුට හිමිය. ඔහුගේ මෝටර් රථ එකතුවේ Tata Harrier XZ, Hyundai මෝටර් රථය සහ Maruti Suzuki Gancy එකක් තිබේ.

The Wild cookbook

හැමෝම wild cookbook විදිහට දන්න ඔහු නමින් චරින් එන් සිල්වා. වෘත්තීය සූපවේදියෙක් වෙන චරින් ලංකාවේ ඉහළ පෙළේ ප්‍රසිද්ධ හෝටලයක රැකියාවක් කරන අතරතුර ආහාර පිසීමට ඇති මේ අපූරු හැකියාව නිසා ඔහු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වීමෙන් පස්සේ ඔහුගේම නමින් wild cookbook කියලා යුටියුබ් නාලිකාවක් ආරම්භ කරනවා.
ඔහුගේ ආහාර පිසීමේ කලාව ටිකක් වෙනස්. චරිත් ඉතා සුළු කාල වෙලාවකින් විස්තර කිරීම් කිසිවකින් තොරව ක්‍රියාවෙන් පමණක් කෑම පිළියෙල කරගන්න කියලා දෙනවා. ඔහු එය ඉදිරිපත් කරන ආකාරය ගැන කවුරුත් කතාබහට ලක් කරනවා. මෙි වන විට ඹහුගේ YouTube නලිකාවෙ Subscribers මිලියන 9 ඉක්මවයි.

Wasthi Production

යූටියුබ් කියපු ගමන් අපට එක එක දේවල් මතක්වෙන බව ඇත්ත. ඒ අතරින් ‘වස්ති’ කියන නම අමතක වුණොත් ඒක පුදුමයක්. මොකද ලංකාව ඇතුළේ යූටියුබ් කලාව උඩුයටිකුරු කරපු නමක් තමයි ‘වස්ති’ කියන්නේ. ඒ නිසාම අදටත් වස්ති වීඩියෝ එකක් එනකල් ලංකාවේ මිනිස්සු ඉන්නේ මග බලාගෙන. අනික තමයි එහෙම එන හැම වීඩියෝ එකක්ම නවතින්නේ ට්‍රෙන්ඩින් වෙලා. වස්තිලාගේ Channelඑකේ Subscribe මිලියන 1.8 කට අධිකයි.
ඉතින් මේ විදිහට කියාගෙන ගියොත් Chanux bro, Maniya, Lochi, Janai Priyai, Siril Ayya, G TV, Mini Caption, The Kota, My Diary  කපල් එක ඔය වගේ විශාල List එකක් අපිට කියන්න පුළුවන් යූටියුබ් වලින් ලංකාවේ ගොඩ ගිය අපේ YouTubers සෙට් එක ගැන.

  YouTube හි මුදල් උපයන අකාර මෙන්න..

YouTube යනු වීඩියෝ බෙදාගැනීමේ වේදිකාවකට වඩා එය මුදල් ඉපයීම සඳහා ප්‍රබල මෙවලමක්. YouTube තුලින් ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ප්‍රධාන ආකාර කිහිපයම අපි මුලින්ම කතා කරල ඉමු. මේ හැම ආකාරයක් ගැනම සම්පූර්ණ විස්තර අපේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගත වෙනවා ඒ ටික බලන්නත් අමතක කරන්න එපා.

1. YouTube හවුල්කාර වැඩසටහන - YouTube Partner Program (YPP): දැන්වීම් හරහා මුදල් උපයන්න

YouTube හවුල්කාර වැඩසටහන (YPP) නිර්මාණකරුවන්ට ඔවුන්ගේ වීඩියෝවල පෙන්වන දැන්වීම්වලින් ආදායමක් උපයා ගැනීමට හැකියාව ලබා දෙයි. Subscribers 1,000ක් සහ පසුගිය මාස 12ක් තුළ නැරඹුම් පැය(Watch Hour) 4,000ක් හෝ පසුගිය දින 90 තුළ Short Video Views මිලියන 10ක් යන සුදුසුකම් අවශ්‍යතා සපුරාලන විට YPP හා සම්බන්ධ විය හැක. ඔබ ඉහත සඳහන් කරන ලද නිර්ණායක සපුරාලමින් ඔබගේ යූටියුබ් චැනල් එකක් YouTube partner program එකට අනුමත වූ පසු, YouTube ඔබේ වීඩියෝවල දැන්වීම් ප්‍රදර්ශනය කරන අතර, ඔබ දැන්වීම් එම ආදායමෙන් කොටසක් උපයා ගනී.


YPP සඳහා සුදුසුකම් ලැබීම පිළිබඳ සම්පූර්ණ මාර්ගෝපදේශය සඳහා, අපගේ සවිස්තරාත්මක වීඩියෝ පාඩම් බලන්න!

2. Fan Funding: සහය සඳහා ඔබේ ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වන්න

මොකක්ද මේ Fan funding කියන්නේ? Fan Funding කියන්නේ ඔයාගේ විශේෂම රසිකයෝ එකතු කරලා ඔයාට එයාලට පමණක් විශේෂ වෙච්ච දේවල් ලබා දීලා ඒ හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේදයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එයාලට පමණක් පාවිච්චි කරන්න පුළුවන් ස්ත්‍රීකර්ස් ටිකස් එතකොට එයාලට Stickers ලබා දෙන්න පුළුවන්,  ඔයාගේ මේ විශේෂ ෆෑන්ස්ලට පමණක් පෙන්නන වීඩියෝස් හදන්න පුළුවන් මේ වගේ විශේෂ දේවල් ලබා දීලා ඔයාලගේ ෆෑන්ස්ලා හරහා මුදල් උපයා ගැනීමේ හැකියාව ඔයාට YouTube හරහා සිදු කරන්න පුළුවන්. 

3. නිෂ්පාදන සහ වෙළඳ භාණ්ඩ විකිණීම

YouTube හි නිෂ්පාදන විකිණීම මුදල් ඉපයීමට තවත් හොඳ මාර්ගයකි. ඔබට ඔබේම සන්නාමගත වෙළඳ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට හැකිය. ඔබේ නාලිකාවේ ඔබේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමෙන් හෝ සබැඳි වෙළඳසැලකට සම්බන්ධ කිරීමෙන්, ඔබට ඇඳුම් පැළඳුම්, ඩිජිටල් නිෂ්පාදන හෝ දේශීයව සාදන ලද භාණ්ඩ වැනි අයිතම, ජනප්‍රිය සහ දේශීය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගත හැකි කුළුබඩු, හෝ සූදානම් කළ ආහාර ද්‍රව්‍ය වැනි ආහාර ආශ්‍රිත නිෂ්පාදන විකිණීම ද සලකා බැලිය හැකිය.


ඉතින් මේ වැඩේ හරියටම කොහොමද කරන්නේ කියලා  මූලික පියවරේ ඉඳන් සම්පූර්ණ විස්තර අපේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගත වෙලා තියෙනවා ඔයාට මේ පිළිබඳ ප්‍රවීණ ප්‍රවීනයෝ සම්පූර්ණයෙන්ම මේක කොහොමද කරන්නෙ කියලා සම්පූර්ණ උපදෙස් සහිත videos ඇතුළත් කරලා තියෙනවා  ඒක බලන්න අනිවාර්යෙන්!

4. Influencer Work: Brands සමඟ හවුල් වීම

ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර සන්නාමයන් YouTube නිර්මාණකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට විවෘතයි. සන්නාම බොහෝ විට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා YouTubers සමඟ හවුල් වන අතර එය ඉහළ අදායමක් ලබා ගත හැකි අකාරයකි.

ඉතින් මේ සන්නාම සහ ආයතන එයාලගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරගන්න ඔයාලට කියලා වීඩියෝ හදාගන්නවා ඔයාලගේ වීඩියෝස් වල එයාලගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරගන්න වගේ දේවල් වලට මුදල් ගෙවනවා. මෙි තුළින් ඔයාට ඉතා හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ වෙළඳසන්නාම කොහොමද හොයාගන්නේ? 

මෙයාලත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා පියවරෙන් පියවර උපදෙස් අපේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගත වෙලා තියෙනවා වැඩි විස්තර සඳහා පාඩම් මාලාව නරඹන්න!


5. Crowdfunding: ඔබේ නිර්මාණාත්මක ව්‍යාපෘති සඳහා අරමුදල් සපයාගන්න. 

ඔයාට ඔයාගේ තියෙන ව්‍යාපාර අදහසක් හරි නැත්නම් වෙනත් විශේෂ ව්‍යාපෘති අදහසක් ක්‍රියාත්මක කරන්න   සහය ලබාගන්නි YouTube එක හරහා පුළුවන්. මේ සඳහා විශේෂ Platform භාවිතා කරන්න පුළුවන් Kickstarter, GoFundMe, Indiegogo, Patreon වගේ තව විශේෂ Platform භාවිතා කරලා ඔයාගේ නව ව්‍යාපාර අදහස් සහ වෙනත් නව ව්‍යාපෘති තවත් වැඩිදියුණු කරන්න ඉස්සරහට අරන් යන්න හැකියාව තියෙනවා. 

මේක හරියටම කරන්නේ කොහොමද කියල අපේ Video පාඩම් මාලාවේ ඉතා පැහැදිලිව අන්තර්ගත වෙනවා.


6. Affiliate Marketing: YouTube මගින් කොමිස් උපයන්න 

Affiliate Marketing කියන්නේ හැම Youtuber කෙනෙක්ටම ඉතා ලේසියෙන් කරන්න පුළුවන් ඉතා වටිනා අදායම් මාර්ගයක්. මේකෙදි වෙන්නේ අන්තර්ජාලයේ තියෙන අන්තර්ජාල භාණ්ඩ විකුණන sites වල තියන භාණ්ඩ අපේ චැනල් එක හරහා ප්‍රවර්ධනය කරපුවහම අපිට කොමිසයක් ලැබෙන එක තමා සරලව වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට විදිහට හිතන්නකෝ ඔයාගේ චැනල් එකේ ප්‍රේක්ෂකයන් වැඩිපුර කැමති ජාතියේ භාණ්ඩයක් ඔයා AliExpress එකෙන් එකක් සිලෙක්ට් කරා කියලා ඒ සිලට් කරපු Product එකේ ලින්ක් එක ඔයාගේ චැනල් එක හරහා ප්‍රමෝට් කරොත් ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා කවුරු හරි මේ භාණ්ඩය මිලදී ගතහොත් ඔයාට මේකෙන් ඒ භාණ්ඩයේ මිලෙන් කොමිස් මුදලක් හම්බවෙනවා. 

AliExpress, අපි හැමෝම දන්න Daraz, Amazon, Etsy, Shein වගේ websites ගණනාවක් තියෙනවා මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගැන සම්පූර්ණ විස්තර අපේ වීඩියෝ පාඩම් මාලාව අපි පියවරෙන් පියවර කියලා දෙනවා.


7. YouTube Automation : කම්මැලියන්ට ලේසි ක්‍රම 

ඔයා ටිකක් කම්මැලි කෙනෙක් නං ඔයාගේ පුද්ගලික කාලය හා ශක්තිය වැඩිය වැය නොකර යූටියුබ් නාලිකාවක් කරගන්නත් ඔයාට පුළුවන් අපි මේකට කියනවා YouTube Automation කියලා මේ ඔටෝමේෂන් එක කරද්දි ඔයාට පුළුවන් හොයාගෙ script හදන එක වීඩියෝ එක හදන එක අවශ්‍ය දේවල් හොයාගන්න එක මේ ඔක්කොම online tools පාවිච්චි කරලා ලේසියෙන් කරන්න. එතකොට මේකෙදි ඔයාට Video හදන්න විශේෂ  හදන්න විශේෂ මහන්සියක් අවශ්‍ය වෙන්නේ නෑ මේ ක්‍රමයේදී. ඉතින් මේ පිළිබඳවත් සම්පූර්ණ විස්තර මුල සිට සරලව මේක කරන්නේ කොහොමද කියන එක අපේ වීඩියෝ පාඩම් මාලාවේ අපි අන්තර්ගත කරලා තියෙනවා.


9. YouTube Shorts රහස්

YouTube Shorts දැන් අලුත් වෙලා තියෙන්නේ, ඉස්සර Shorts නම් එක විනාඩියි නෙ Duration තියෙන්න පුළුවන්. දැන් YouTube Shorts විනාඩි තුනක් යනකම් කරන්න පුළුවන්. මේ වෙනසත් එක්ක shorts වලින් හොඳ ආදායමක් ලබා ගන්න ක්‍රම ගොඩක් මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. ඔයාට වැඩි පරිශ්‍රමයක් නොයොදා කාටූන් ඇනිමේෂන් වගේ දේවල් පාවිච්චි කරල ලෙසියෙන් Shorts හදල හොඳ අදායමක් ලබාගන්න අවස්ථා තියෙනවා. මේ වගේ තව ක්‍රම ගොඩක් තියෙනවා YouTube shorts viral කරලා ඔයාගේ චැනල් එක ගොඩදාගන්න. මෙ ගැනත් අපි අපේ වීඩියෝ පාඩම් මාලාවේ සම්පූර්ණයෙන් කතා කරනවා.


10. AI වලින් YouTube සල්ලි

කෘතිම බුද්ධිය(AI) පාවිච්චි කරලා ඔයාගේ චැනල් එක ඉක්මනින් ප්‍රවර්ධනය කර ගන්නේ කොහොමද, ඒ වගේම කෘතිම බුද්ධිය පාවිච්චි කරමින් youtube වලින් මුදල් උපයන්නේ කොහොමද කියන එක මේ පාඩම් මාලාවේ සම්පූර්ණ විස්තර සහිතව අපි උගන්වනවා.

අපගේ පාඩම් මාලාවේ කෘතම බුද්ධිය පාවිච්චි කරලා ලේසියෙන් කාටුන් ඇනිමේෂන් හදාගන්න ආකාරය වගේම ඒ තුළින් විශාල මුදලක් උපයන ආකාරය ද අන්තර්ගත වෙනවා.


ඉතින් ඔයාට ඉහළින් පැහැදිලි කරලා තියෙන ටික කියෙව්වනම් තේරෙනවා YouTube කියන්නේ විශාල පරාසයක් තියෙන මුදල් උපයන්න අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙන හොඳ අවස්ථාවක් කියලා. ඉතිං මේ වගේ අවස්ථාවක් මග අරින තත්පරයක් තත්පරයක් ගානේ ඔයාට මේක ගොඩදාගන්න තියෙන අවස්ථාව අඩුවෙන එක තමා වෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේකෙන් ගේමක් ගහන්න, ගොඩ යන්න, ඔයාලට ෆුල් සපෝට් එක දෙන වැඩක් තමයි මෙික. අපි මේ වෙද්දී සම්පූර්ණ YouTube Super Course එකක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාට ඒක මුල ඉඳන් ෆලෝ කරගෙන ගිහිල්ලා YouTube වලින් සල්ලි හොයන්න පුළුවන් ආකාර විශාල ප්‍රමාණයක් නිවැරදිව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.

ඔයාගේ අනාගතේ, ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න හොද අවස්ථාවක් මේක. මග ඇරගන්න එපා! මේවගේ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් අයෙත්. සීමිත පිරිසකට විතරයි මේ අවස්ථාව හම්බෙන්නේ ඉක්මනින් අපිත් එක්ක එකතු වෙන්න.

සම්බන්ධ වෙන්න Click කරන්න